2025 රයිගම් සම්මාන උළෙල 2026 මාර්තු 28 

මෙරට ප්‍රමුඛතම රූපවාහිනී සම්මාන උළෙලක් වන රයිගම් සම්මාන උළෙලේ 22 වැනි අදියරය ලබන වසරේ මාර්තු 28 වනදා අති උත්කර්ෂවත් ලෙස කොළඹ දී පැවත්වෙන බව කිංග්ඩම් ඔෆ් රයිගම් ආයතනය පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රයිගම් ආයතනය සඳහන් කලේ මේ සඳහා වන රූපවාහිනි නිර්මාණ ලබන වසරේ ජනවාරි මස 15 වැනිදා දක්වා භාර ගන්නා බවයි .රයිගම් ටෙලීස් රූපවාහිනී සම්මාන උළෙල සැලකෙන්නේ මෙරට පැවැත්වෙන විචිත්‍රවත්ම රූපවාහිනී සම්මාන උළෙලක් ලෙසයි.
එමෙන්ම මෙරට රූපවාහිනි ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා දශක 02 කට අධික කාලයක් අඛන්ඩව මෙරට පැවැත්වුණු පැරණිතම සම්මාන උළෙලක් ලෙසටත් රයිගම් ටෙලීස් සම්මාන උළෙල හැඳින්වෙනවා.
ඒ අනුව ජාතියේ ටෙලි සම්මාන ලෙස සැලකෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹදී පැවැත්වුනා.
ඒ සඳහා කිංග්ඩම් ඔෆ් රයිගම් ආයතනයේ සභාපති ආචාර්‍ය රවී ලියනගේ මහාතා ඇතුළු ප්‍රධානීන් රැසක් එක්ව සිටියා.

Share