වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා ඉහළ නැංවීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වැනි දිනය වූ අද දිනයේදීත් ඒ සම්බන්ධ කතිකාව අලුත් වුණේ වතු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී පලනි දිගම්බරම් මහතා වතු කම්කරු වැටුප පිළිබඳ අදහස් දැක්වීමත් සමඟයි
ඔහු ප්රකාශ කළේ ජනතා බදු මුදලින් වතු කම්කරු වැටුප ඉහළ නැංවීමට ගත් පියවර විවේචනය කළ නාමල් රාජපක්ෂ සහ නිසාම් කාරියප්පර් ඇතුළු ඇතැම් විපක්ෂ දේශපාලනඥයින්ගේ අදහස තමන් පිළි නොගන්නා බවයි.
වතු ජනතාව නියෝජනය කරන වී.රාධක්රිෂ්ණන් මන්ත්රීවරයා ද අවධාරණය කළේ වතු කම්කරු ජනතාවගේ වැටුප් ඉහළ නැංවීමට ගත් තීරණය නිසා ඉදිරියේදී ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට වුවත්, තමන් පසුබට නොවන බවයි.





