බුද්ධ ශාසනයේ මෙන්ම භික්ෂු ශාසනයේද බරපතළ ව්‍යාකූල තත්ත්වයන්

විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් මෙන්ම වරෙන්තුකරුවන් පවා සසුන්ගත වීම හේතුවෙන් මේ වන විට බුද්ධ ශාසනයේ මෙන්ම භික්ෂු ශාසනයේද බරපතළ ව්‍යාකූල තත්ත්වයන් උද්ගතව ඇති බව මල්වතු මහා විහාර පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා
ත්‍රෛයි නිකායික භික්ෂු වහන්සේලාගෙන් සමන්විත ශාසන විමර්ශන මහා සභාවේ නියෝජිත භික්ෂූන් වහන්සේ හමු වූ අවස්ථාවේදී උන්වහන්සේ මේ අදහස් පල කළා. ශාසන විමර්ශන මහා සභාව නියෝජනය කරමින් පැමිණි මහා සංඝරත්නය මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් සහ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැ දැක බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා ඉවහල් වන කරුණු දොළොසකින් සමන්විත සංදේශයක් භාර දුන්නා.

Share