බන්ධනාගාර තුළදී සිදුවූ රැඳවියන් ඝාතන සිද්ධීන්ට මෙතෙක් සාධාරණය ඉටු වි නැතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පවසනවා.
ඔවුන් පවසන්නේ විමර්ශනවල දුර්වලතා ඊට හේතු වී ඇති බවයි. සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් වූ ජාතික සිරකරු දිනය අගෝස්තු 10 වැනිදාට යෙදී තිබෙනවා.
එහෙත් මෙරට තුළ එම දිනය සමරනු ලබනනේ නොවැම්බර් 11 වැනිදායි.
ඒ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී වූ සිරකරු ඝාතනය සිහිපත් කරමින්.
ඒ අනුව 2025 වසරේ සිරකරු දින උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණා.





