මේ අතර ගලෙන්බිඳුණුවැව, හුරුළුවැව දේවාලය ආසන්නයේ නාන තොටුපොළක් අසළ තිබී උණ්ඩ තොගයක් පොලීසිය විසින් සෙයාගෙන තිබෙනවා
එලෙස සොයාගෙන ඇත්තේ, T-56 උණ්ඩ 21, MPMG අවිවලට භාවිතාකරන උණ්ඩ 33ක්
මීට අමතරව මීලි මීටර් 9 පිස්තෝල වර්ගයේ ගිනිඅවි සඳහා භාවිතාකරන උණ්ඩවල හිස්කොපු 118ක් සහ දුම්බෝම්බයක්ද සොයා ගත් බව පොලිසිය පැවසුවා.
ඊයේ පස්වරුවේ හුරුළුවැවට දිය නෑම සඳහා පැමිණි තරුණයින් දෙදෙනකු විසින් මෙම උණ්ඩ තොගය දැක පොලිසිය දැනුවත් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කර තිබෙනවා.





