‘මිත්‍ර ශක්ති’ අභ්‍යාසයේ 11 වැනි අදියර ඉන්දියාවේදී ඇරඹෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් වන ‘මිත්‍ර ශක්ති’ අභ්‍යාසයේ 11 වන අදියර ඉන්දියාවේ කර්ණාටකයේ බෙලගාවි හිදී ආරම්භ වූ අතර එය සති දෙකක කාලයක් පැවැත්වෙනවා.

දෙරටේ හමුදා අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණෙන් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ අභ්‍යාසය තුළින් නාගරික සහ අර්ධ නාගරික භූමි ප්‍රදේශ හරහා ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීමේදී ඉන්දීය සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර මෙහෙයුම් සහයෝගීතාව වැඩි දියුණු කිරීමත් එක් අරමුණක් වනවා.

Share