දකුණු කොරියාවේ දකුණු ග්යොන්ග්සැං පළාතේ ගෝසෝං හි පිහිටි මත්ස්ය ගොවිපළක ජල ටැංකියක් තුළ තිබී, ශ්රි ලාංකික ශ්රමිකයින් දෙදෙනෙකු ඇතුළු සේවකයින් තිදෙනෙකු මියගොස් සිටියදී හමුව ඇති බව කොරියානු මාධ්ය වාර්තා කරනවා.එරට පොලීසිය උපුටා දක්වමින් කොරියානු මාධ්ය පවසන්නේ ඊයේ රාත්රී 8:30 ට පමණ ගෝසෝං හි පිහිටි මත්ස්ය ගොවිපළේ විශාල ජලාශ ටැංකියක් තුළ මෙම සිරුරු සොයාගත් බවයි.ජල ටැකියේ තිබී හමුවූ මළ සිරුරු ගොවිපෙළේ සේවය කළ වයස අවුරුදු 50ක් පමණ වූ වැඩ අධීක්ෂකවරයෙකුගේ සහ වයස අවුරුදු 20 ත් 30ත් අතර පසුවන ශ්රී ලාංකික සේවකයින් දෙදෙනෙකුගේ බවට හඳුනාගෙන ඇති බවයි කොරියානු මාධ්ය වාර්තා කර ඇත්තේ
අදාළ ජල ටැංකිය දිගින් මීටර හතරක්, පළලින් මීටර තුනක් සහ ගැඹුර මීටර දෙකකින් යුක්ත බවත්, සේවකයින් සොයාගන්නා විට ටැංකිය ජලයෙන් පිරී තිබූ බවත් මාධ්ය වාර්තාවල සඳහන්.
මෙම ජල ටැංකිය, කුඩා මසුන් බෝ කරන ගොවිපළට ජලය සැපයීම සඳහා ජලය ගබඩා කිරීමට යොදාගත් එකක්.
පොලීසියට ඊයේ රාත්රී ලැබුණු දුරකථන පණිවිඩයක් ඔස්සේ කරන ලද පරීක්ෂාවකින් අනතුරුව මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
මරණයට හේතුව නිශ්චිතව තීරණය කිරීම සඳහා මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි එම වාර්ථා දක්වන්නේ.





