අදින් ඇරඹූනු අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05වනදා දක්වා කාලය තුල පැවැත්වෙන අතර ඒ සදහා සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන්ගේ සංඛ්යාව තුන්ලක්ෂ 40,525ක්.
දිවයින පුරා මධ්යස්ථාන 2362කදී අධ්යාපන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය අද පෙරවරුවේ ආරම්භ වුණා.
අද ආරම්භ වූ උසස් පෙළ විභාගය සඳහා ශිෂ්ය ශිෂ්යාවන් මහත් උනන්දුවෙන් විභාග මධ්යස්ථාන වෙත පැමිණියේ මේ ආකාරයෙන්.
මෙවර උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලබා ඇති අයැදුම්කරුවන්ගේ සංඛ්යාව තුන්ලක්ෂ 40,525ක්.
ඒ අතරින් 246,521ක් පාසල් අයැදුම්කරුවන් වන අතර, ඉතිරි 94,004ක් පෞද්ගලික අයැදුම්කරුවන්.
මේ අතර විභාගය සඳහා පෙනී සිටින දරුවන් සදහා විශේෂ බස් රථ සේවාවක් ක්රියාත්මක කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්රපාල මහතා පවසනවා .
එමෙන්ම විභාගය පවතින කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්යස්ථානය ද විශේෂ වැඩපිළිවළක් ක්රියාත්මක කර ඇති බවයි එම මධ්යස්ථානය පවසන්නේ
ආපදා කළමනාකරණ මධ්යස්ථාන දැනුම් දෙන්නේ කිසියම් ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් 117 හදිසි ඇමතුම් අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 හදිසි ඇමතුම් අංකයට වහාම දැනුම්දෙන ලෙසයි.





