13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම තම අපේක්ෂාව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ නවදිල්ලියේ දී ජනමාධ්‍යවේදියෙක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා නවදිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන දේශනය සිදුකළා.
එහි දී විපක්ෂ නායකවරයා විසින් ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාවේ ඓතිහාසික හා පරිණාමය වෙමින් පවතින භූමිකාව අගය කරනු ලැබුවා.
මෙම අවස්ථාවට එරට ජනමාධ්‍ය සහ රාජතාන්ත්‍රිකයින් පිරිසක් ද එක්ව සිටියා
එහිදී විපක්ෂනායකයාට මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ද යොමු වුණා.
මේ අතර ඉන්දියාවේ නිල සංචාරයේ නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයේ ජාතික උපාය මාර්ගික, නවෝත්පාදන සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා ආයතනික මධ්‍යස්ථානයක් වන හි සංචාරයකටද එක් ව තිබෙනවා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා අතර හමුවක් ද සිදුව තිබෙනවා
ඉන්දියාවේ සංවර්ධන ගමන හැඩගස්වන ජනතාව ප්රමුඛ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බව අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහන් කර තිබුණා.
පක්ෂය සහ රජය අතර සම්බන්ධීකරණය, සුභසාධන යෝජනා ක්‍රම ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට හේතු වන ආකාරය ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව x සටහනේ වැඩිදුරටත් සඳහන්.





