තායිලන්තයේ විශ්ව රූ රැජින තරගාවලියේ තරග සංවිධායකයකු මෙක්සිකෝ රෑ රැජිනට බැණ වදී

තායිලන්තයේ පැවැත්වෙන විශ්ව රූ රැජින තරගාවලියේ දී තායිලන්ත තරග සංවිධායකයකු මෙක්සිකෝ රෑ රැජිනට බැණ වැදීමෙන් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
තරගාවලියේ අඟහරුවාදා පැවති පූර්ව තරගයකදී තායිලන්ත තරග සංවිධායකයකු විසින් මෙක්සිකෝ රූ රැජින ෆාතිමා බොෂ් වෙත චෝදනා කර ඇත්තේ ඇය තායිලන්තය ප්‍රවර්ධනය කි‌රීම ප්‍රතික්ෂේප කිරීම නිසා බවයි පැවසෙන්නේ.
ප්‍රසිද්ධියේ කළ එම අවමානයට විරෝධය පළ කරමින් බොහෝ රටවලින් පැමිණි රූ රුජිනියන් තරගයෙන් ඉවත්ව යන අයුරු දක්නට ලැබුණා.
පසුව ලෝක රෑ රැජින සංවිධානය අදාල සංවිධායකයාගේ හැසිරීම අනුමත නොකරන බව පවසමින් සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පල කර තිබුණා

Share