මැදදුම්බර – වේඬරුව ප්‍රදේශය අවට ගම්මාන රැසකට ජනතාව උග්‍ර වන අලි තර්ජන

මැදදුම්බර – වේඬරුව ප්‍රදේශය අවට ගම්මාන රැසකට ජනතාව උග්‍ර වන අලි තර්ජනයකට ලක්ව සිටිනවා.
ගම්මානය වටා ඇති අලිවැට නිසි පරිදි නඩත්තු නොකිරීම මෙයට ප්‍රධානතම හේතුව බව ජනතාවගේ චෝදනාවයි.
මැදදුම්බර ප්‍රදේශයේ වේඩරුව, වෙලපහළ, වෑවල, දෙහිසියඹලාව සහ ගොඩමුන්න යන ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධානතම ජීවනෝපාය ගොවිතැනයි.
නමුත් වන අලි තර්ජනය හේතුවෙන් එම ජනතාවට සිය ජීවනෝපාය අහිමි වෙමින් තිබෙනවා.
ගොවීන් චෝදනා කරන්නේ රන්දෙණිගල රක්ෂිතයේ දහවල් කාලයේ සැරිසරන වනඅලි සවස් කාලයේදී ගම්මානවලට කඩා වදින බවයි.
ගමට අලි පැමිණීම වැළැක්වීම සඳහා කලකට පෙර ඉදිකළ අලිවැට, බලධාරීන් විසින් නඩත්තු නොකරන බවට ගොවීන් චෝදනා කරනවා.

මේ අතර මඩකලපුව – චෙංකලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාවඩි ඔඩයි සහ පාලමඩු ප්‍රදේශවලට ඊයේ රාත්‍රී වනඅලි කඩා වැදී තිබෙනවා.
වන අලි ප්‍රහාරයට ලක්ව නිවාස 5කට සහ වෙළෙඳ සැලකට හානි සිදුව ඇතැයි අප වාර්තාකරු පැවසුවා.
ගම්වාසීන්මේ අතර බකමූණ – අත්තනකඩවල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රි වන අලි පහර දී තිබෙනවා.
පසුගිය සතියේ ද මෙම නිවස වන අලි ප්‍රහාරයකට ලක්වූ බව නිවැසියන් පැවසුවා.

අංගම්මැඩිල්ල සහ වස්ගමුව රක්ෂිතවල සිටින වනඅලි මෙලෙස ගම්වදින බව ජනතාව පෙන්වා දෙනවා.
මේ අතර පොහොය දිනය හේතුවෙන් ඊයේ නතර කර තිබූ වනඅලි හම්බන්තොට යෝජිත අලි කලමනාකරණ රක්ෂිතය වෙත යොමු කිරීමේ මෙහෙයුම අද යළි ආරම්භ කෙරුණා

Share