ශ්‍රී ලංකාවේ වෛද්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් වන Technomedics Intenational,( ටෙක්නොමෙඩික්ස් ඉන්ටර්නැෂනල් ) සිය අභිමානවත් 30 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබුවා
ආරම්භයේ සිට මේ දක්වා පැමිණි දිගු ගමනේ දී රජයේ සහ පෞද්ගලික සෞඛ්‍ය ආයතනවල නොසැලෙන සහකරුවෙකු ලෙස සිය ස්ථාවරය තහවුරු කර ගැනීමට Technomedics International (ටෙක්නොමෙඩික්ස් ඉන්ටර්නැෂනල්) ආයතනය සමත්ව තිබෙනවා .
හුදෙක් වෛද්‍ය උපකරණ සැපයුම්කරුවෙකුගේ සීමාවෙන් ඔබ්බට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ සායනික ප්‍රමිතීන් ඉහළ නැංවීමටත්, අනාගත ලෝකයට ගැළපෙන නවීන තාක්ෂණය හඳුන්වා දීමටත්, ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන් සවිබල ගැන්වීමටත් කැපවුණු උපායමාර්ගික සෞඛ්‍ය හවුල්කරුවෙකු ලෙස Technomedics (ටෙක්නොමෙඩික්ස්) ආයතනය ඇගයීම් ලබා තිබීමත් කැපීපෙනන කරුණක්.





