ඉන්දියාවේ මානුෂීය ආධාර රැගත් C-17 තවත් ගුවන් යානයක් ඊයේ පස්වරුවේ මෙරටට

මේ අතර ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩ සහාය පළ කරමින්, ඉන්දියාවේ මානුෂීය ආධාර රැගත් C-17 තවත් ගුවන් යානයක් ඊයේ පස්වරුවේ මෙරටට ළගා වුණා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් මෙම සහනාධාර නිල වශයෙන් ශ්‍රී ලංකාව වෙත භාර දෙනු ලැබූවා.

පීඩාවට පත් ප්‍රදේශවල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යකඩ බේලී පාලම් ටොන් 50ක්, පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත පානීය ජලය සහතික කිරීම සඳහා එක් යන්ත්‍රයකින් ජලය ලීටර් 20ක් පිරිපහදු කළ හැකි ජල පිරිපහදු යන්ත්‍ර 500ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මීට ඇතුළත්.

Share