ඉන්දියාවේ 77 වැනි ජනරජ දිනය නිමිත්තෙන් සංවිධාන කළ “Timeless Bollywood Melodies – Anuradha Paudwal Live in Colombo” සංගීත ප්රසංගය කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පසුගියදා පැවැත්වුණා.
බොලිවුඩ් සිනමාවේ ස්වර්ණමය යුගයේ සහ ඉන්දු ශ්රී ලංකා සංස්කෘතික සබැඳියාවේ අපූර්ව සැමරුමක් වූ පද්ම ශ්රී සම්මානලාභී, ප්රවීණ චිත්රපට පසුබිම් ගායිකා අනුරාධා පෞද්වාල්ගේ ප්රසංගය නැරඹීමට ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුලු එම පක්ෂයේ නායකයින් මෙන්ම හිටපු ජනාධිපතිවරු වන ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්රීපාල සිරිසේන මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.





