T20 ලෝක කුසලානයේ ගැටලුව විසඳීමට ICC ය බංග්ලාදේශයට අවසන් දිනයක් ලබාදෙයි

2026 T20 ලෝක කුසලානයට බංග්ලාදේශයේ සහභාගීත්වය සහ විශේෂයෙන් ඔවුන් ඉන්දියාවේ සංචාරය කිරීම පිළිබඳ අවසන් තීරණය ජනවාරි 21 වැනිදාට පෙර දැනුම් දෙන ලෙස අයිසීසී ය දැනුම් දී ඇතැයි cricinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.
වාර්තාවට අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට එම දැනුම් දීම කර ඇත්තේ සෙනසුරාදා ඩකාහි පැවති සාකච්ඡාවේ දී.
සෙනසුරාදා පැවති සාකච්ඡා අතරතුර, බංග්ලාදේශය B කාණ්ඩයට ඇතුළත් කිරීම සලකා බලන ලෙස බංග්ලාදේශය කළ ඉල්ලීමට ICC ය එකඟතාව පල කර නැති අතර බංග්ලාදේශයට ආරක්ෂක තර්ජනයක් නොමැති බවට ICC සහතික වී ඇතැයි ද cricinfo වාර්තාවේ දැක්වෙනවා.
ස්වාධීන ආරක්ෂක ආයතනයක් විසින් සකස් කරන ලද සහභාගී වන කණ්ඩායම් 20 වෙත යවන ලද උපදේශනයක, ඉන්දියාවේ සමස්ත තර්ජන මට්ටම මධ්‍යම සිට ඉහළ කලාපයේ පවතින බව හඳුනාගෙන ඇති නමුත් සංචාරක කණ්ඩායම් කිසිවක් සඳහා සෘජු, නිශ්චිත තර්ජනයක් නැහැ.
බංග්ලාදේශය, ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කළහොත්, ICC විසින් ආදේශක කණ්ඩායමක් නම් කිරීමට ඉඩ ඇති අතර, එය වත්මන් ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව ස්කොට්ලන්තය වනු ඇති.

Share