ICC t20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.
තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.
අයිසීසී T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දෙපිලටම වැදගත් වන්නේ නවසීලන්තය හෝ දකුණු අප්‍රිකාව මෙතෙක් T20 ලෝක කුසලානයක් ජය ගෙන නොමැති බැවිනුයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළා.
දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වූ තරග 7 ම ජයගෙන එකම අපරාජිත කණ්ඩායම ලෙස තරගාවලියේ රැඳී සිටිනවා.
ලෝක කුසලාන තරග ඉතිහාසය දෙස බැලීමේදී දකුණු අප්‍රිකාව නවසීලන්තයට එරෙහිව 5-0 ක වාර්තාවක් පවත්වාගෙන ගියත්, අද තරගය නවසීලන්තයට එම වාර්තාව අලුත් කිරීමට ලැබෙන කදිම අවස්ථාවක්.




