Sigma 2025 සම්මාන රාත්‍රීය ඊයේ සිනමන් ලයිෆ් හිදී

igma 2025 සම්මාන රාත්‍රීය ඊයේ අති උත්කර්ෂවත් ආකාරයෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවැත්වුනා..
කලාපයේ වේගයෙන්ම වර්ධනය වන අන්තර්ජාල ක්‍රීඩා වෙළඳපොළින් එකක් වන Sigma සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වුනේ ප්‍රථම වතාවටයි
මෙහි දී BEST VIRTUAL SPORTS PROVIDER ඇතුලු කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන ප්‍රදානය සිදුවුනා.
මෙහිදී සිදුවූ සුවිශේෂී සිදුවීම වන්නේ, සම්මාන ප්‍රදානය අතරතුර තෝරාගත් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිර්මාණය කල චිත්‍ර සඳහා ලංසු තැබීම යි.
එම වෙන්දේසියේ දී උපයා ගත් සියලු මුදල් මෙරට අයහපත් කාලගුණය හමුවේ පීඩාවට පත් ජනතාවට පරිත්‍යාග කිරිමට සිග්මා සංවිධායක මණ්ඩලය තීරනය කර තිබෙනවා.
තවද Sigma 2025 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය අද සහ හෙට යන දෙදින තුළ කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රය තුළ පැවැත්වෙනවා.
Sigma 2025 හි නිළ මාධ්‍ය සහකරු ලෙස කටයුතු කරන්නේ Tv Supreme

Share