‘Rebuilding Sri Lanka’ අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

මෑත කාලීන ඉතිහාසයේ මෙරට මුහුන දුන් දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’ අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
මෙම කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් ද සමන්විත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

දිට්වා සුළි කුනාටුව හේතුවෙන් රට පුරා සිදුවූ විනාශය යථාවත් කිරීම සහ රට නැවත නගා සිටුවීමේ අරමුණින් දෙස් විදෙස් දානපතීන්ගේ සහයෝගය ආධාර සහ පරිත්‍යාග ලබා ගැනීම වෙනුවෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් ද සමන්විතව පිහිටවන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස ස්ථාපිත කිරීමේ තීරණය කර ඇත්තේ.
ලොව විවිධ රාජ්‍යයන්ගෙන් සෘජුව ශ්‍රී ලංකා රජයට ලැබෙන ආධාර සහ දීමනා වලට අමතරව ොව පුරා විසිරී ඇති ශ්‍රී ලාංකිකයින් සහ අනෙකුත් දානපතීන්ගේ ආධාර විනිවිදභාවයකින් යුතුව කළමනාකරණය කිරීම මෙම අරමුදලේ මූලික අභිප්‍රායයි.
අරමුදලේ කළමනාකරණ කමිටු ප්‍රධානියා ලෙස කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරනවා.
මෙම කළමනාකරණ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස,
* මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,
විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්,
* ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව,
* විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න,
* හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ,
* ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්,
* එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක,
* බ්‍රැන්ඩික්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්,
* LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර යන මහත්වරු කටයුතු කරනවා.
අරමුදල ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය කළමනාකරණ කමිටුවට හිමි වන අතර, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම එහි වගකීම් අතර වනවා.
මෙම කමිටුව විසින් අරමුදලට අදාළ මූල්‍ය කළමනාකරණය, විගණනය සහ සියලුම අරමුදල් ක්‍රියාකාරකම්වල පූර්ණ විනිවිදභාවය සහතික කරනු ලබනවා.
ඒ අනුව පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ පහත සඳහන් ඕනෑම මුදල් ඒකකයකින් මේ වෙනුවෙන් ඇති ලංකා බැංකු ගිණුම වෙත බැර කළ හැකියි.
ගිණුමේ නම: Deputy Secretary to the Treasury
ගිණුම් අංකය: 2026450
බැංකුව:Bank of Ceylon (Taprobane branch)
Swift code : BCEYLKLX

ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් ගිණුම්වලට සෘජුවම මුදල් බැර කරන පරිත්‍යාගශීලීන්ට පහත සඳහන් ගිණුම් ඔස්සේ ද මුදල් බැර කිරීමේ අවස්ථාව හිමි වනවා.
විදේශ මුදල් ඒකක සඳහා ගිණුම් විස්තර:

  1. US Dollar (USD)
    Bank: Deutsche Bank Trust Company Americas, New York, USA
    Recipient Account Name: Central Bank of Sri Lanka
    Account Number: 04015541
    Routing Number: 021001033
    SWIFT: BKTRUS33XXX
  2. Euro (EUR)
    Bank: ODDO BHF Bank, Frankfurt am Main, Germany
    Recipient Account Name: Central Bank of Sri Lanka
    Account Number: 0000739854
    IBAN: DE39500202000000739854
    SWIFT: BHFBDEFF500
  3. Sterling Pound (GBP) – Account 1
    Bank: HSBC Bank Plc, London, UK
    Recipient Account Name: Central Bank of Sri Lanka
    Account Number: 39600144
    Sort Code: 40-05-15
    IBAN: GB48MIDL40051539600144
    SWIFT: MIDLGB22XXX
  4. Sterling Pound (GBP) – Account 2
    Bank: Bank of Ceylon (UK) Ltd, London, UK
    Recipient Account Name: Central Bank of Sri Lanka
    Account Number: 88001249
    Sort Code: 40-50-56
    IBAN: GB89BCEY40505688001249
    SWIFT: BCEYGB2LXXX
  5. Japanese Yen (JPY)
    Bank: MUFG Bank, Tokyo, Japan
    Recipient Account Name: Central Bank of Sri Lanka
    Account Number: 653-0407895
    SWIFT: BOTKJPJTXXX
  6. Australian Dollar (AUD)
    Bank: Reserve Bank of Australia
    Recipient Account Name: Central Bank of Sri Lanka
    Account Number: 81736-4
    BSB: 092002
    SWIFT: RSBKAU2SXXX

Share