ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ මෙහෙයවීම මත ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ලේක්හවුස් ආයතනයේ සංවිධාන සහය යටතේ පැවැත්වූ Lanka Ride 2026 පාපැදි තරගාවලිය ඊයේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී නිමාව දුටුවා.
කොළඹ, මහනුවර අනුරාධපුර හරහා යළි කොළඹට පැමිණි දින තුනක් පුරාවට පැවති Lanka Ride තරගාවලියට කණ්ඩායම් 27ක් නියෝජනය කරමින් පාපැදිකරුවන් 138 දෙනෙකු සහභාගී වුණා.
තුන්වන දිනයට ඊයේ තරගය ආරම්භ වුණේ අනුරාධපුරයෙන්.
මෙම පාපැදි තරගාවලියේ ප්‍රථමස්ථානය දිනා ගැනීමට ශ්‍රි ලංකා යුධ හමුදාවේ සාරංග පෙරේරා සමත් වුණා.
නාවික හමුදාවේ සුපුල් පියුමාල් දෙවැනි ස්ථානයත් යුද හමුදාවේ සඳරුවන් පිංතු තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.
මෙහිදී කණ්ඩායම් ජයග්‍රහණ ලෙස අනු ශූරතාව හිමි කර ගැනීමට දෙහිවල ගල්කිස්ස ක්‍රිඩා සමාජය සමත්වූ අතර ශූරතාව දිනා ගත්තේ ශ්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායමයි.





