සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනවාරි 21 වැනිදා 06 වන ශ්‍රේණියේ නව විෂය මාලාව ආරම්භ කිරීමත් සමඟ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවෙනවා.
එසේම පළමුවන ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ක්‍රියාත්මක නව විෂය මාලාව ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ ජනවාරි 29 වැනිදායි.
කෙසේ වෙතත් විෂය මාලා සඳහා නිකුත් කර ඇති මොඩියුලවල ඇති බරපතළ ව්‍යාකරණ, ප්‍රායෝගික හා න්‍යායාත්මක ගැටලු රැසක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම ගුරු විදුහල්පති සංගම් ද චෝදනා කරනවා.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේ සිට හඳුන්වාදීමට අධ්‍යාපන අමාතයංශය පියවර ගෙන තිබෙනවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති 06 වන ශ්‍රේණිය සඳහා වන ඉංග්‍රිසි මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවියක ලිපිනයක් අන්තර්ගත බව අනාවරණ වීමත් සමග විෂය මාලා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දැඩි කතා බහක් නිර්මාණය වුණා.
ඒ අනුව සෙසු මොඩියුල පිළිබඳ අවධානය යොමු වූ අතර මේ වන විට අනාවරණ වෙමින් තිබෙන්නේ ඒවායේ ද බරපතළ අක්ෂර වින්‍යාස ගැටලු පමණක් නොව න්‍යායාත්මක දෝෂ ද පවතින බවයි.
තොරතුරු තාක්ෂණ විෂයට අදාළ නිකුත් කර ඇති මොඩියුලයේ හඳුනාගත් එවැනි වැරදි ගණනාවක් විෂය ප්‍රවීණයන් විසින් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණා. එමෙන්ම තාක්ෂණික පද රැසක් ද වැරදි ලෙස මුද්‍රණය කර තිබෙනවා. එමෙන්ම අක්ෂර වින්‍යාස දෝෂ රැසක් ද මෙහි දක්නට ලැබෙනවා. වඩාත් හාස්‍යයට කරුණ වන්නේ අධ්යක්ෂ ජනරාල්වරියගේ නම ද ස්ථාන දෙකක දෙයාකාරයකින් සටහන්ව තිබීමයි. මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම ගුරු විදුහල්පති සංගම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඇති අඩු පාඩු සම්බන්ධයෙන් අදත් ප්රවෘත්ති සාකච්ඡා කිහිපයක දීම කරුණු පැහැදිලි කළා.




