IRIS Dena නෞකාවේ මුදාගැමේ මෙහෙයුම් සඳහා අමරිකාව බාධා කර ඇතැයි ඉරානයෙන් චෝදනා

මේ අතර පසුගිය 4වෙනිදා අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරාන නෞකාවේ සිටි නාවිකයින් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා අමෙරිකාව බාධා කර ඇතැයි ඉරානය චෝදනා කරනවා.
ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි චෝදනා කරන්නේ මෙම ක්‍රියාව යුද අපරාධයකට සමාන කෲර ක්‍රියාවක් බවයි.
මේ අතර එරට හමුදා මහජන සම්බන්ධතා කාර්යාලය විසින් නිවේදනය කරන්නේ IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය නාවිකයින් 104 දෙනාගෙන් 84 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

ගාල්ල වරායේ සිට නාවුක සැතපුම් 19ක් දුරින් මෙරට අනන්‍ය වූ ආර්ථික කලාපයේදී අමෙරිකානු ටෝර්පිඩෝ ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ IRIS Dena නෞකාවේ නැවියන්ගේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට අමෙරිකාව බාධා කර ඇතැයි ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි චෝදනා කරනවා.
X හි සටහනක් තබමින් ඔහු පවසන්නේ ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කළ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා ආරාධනා ලැබ එය නිමා කර නවත ඉරානය වෙත ගමන් කරමින් තිබූ යුධ සූදානමක් නොමැති නෞකාවට එල්ල කළ මෙම ප්‍රහාරය කෘෘර ක්‍රියාවක් බවයි.
එමෙන්ම එම ප්‍රහාරය යුද අපරාධයකට සමාන ක්‍රියාවක් ලෙසද ඔහු පෙන්වා දි තිබෙනවා.

මේ අතර අමෙරිකානු ප්‍රහාරයෙන් මුහුදුබත් වූ නෞකාවේ සිට මියගිය නාවිකයින්ගේ සිරුරු ඉක්මනින්ම නැවත සිය රටට ගෙන එන බව ඉරානය පවසනවා.
ඉරාන ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් වාර්තා කරන්නේ මෙම නැවියන්ගේ මළ සිරුරු 104 න් 84 ක් මේ වන විට හඳුනාගෙන ඇති බව එරට හමුදා මහජන සම්බන්ධතා කාර්යාලය විසින් නිවේදනය කර ඇති බවයි.
ඒ සඳහා ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය සහයෝගයෙන් කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන් බවයි ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාගෙන් අප සිදුකළ විමසීමකදී ඔහු පවසා සිටියේ මෙම නැවියන්ගේ මළ සිරුරු නැවත ඉරානයට භාරදීම සම්බන්ධයෙන් වන සියලු නීතිමය කටයුතු මේ වනවිට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා නිමාවෙමින් පවතින බවයි. එමෙන්ම මෙම නැවියන්ගේ මළ සිරුරු නැවත ඉරාණයට භාරදීම තුන්වැනි පාර්ශවයක් හරහා සිදු කිරීමට ශ්‍රී ලංකා රජය මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මුදා ගත් IRIS බුෂෙහර් නෞකාවේ සිටි සියලු දෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටිනවා.
කෙසේ වෙතත් මුදාගත් IRIS බුෂෙහර් නෞකාව ත්‍රිකුණාමලට වරාය වෙත රැගෙන යාමට නියමිතව පැවතියද එහි ඇති වූ කාර්මික දේශයක් හේතුවෙන් තමවමත් කොළඹ වරායට ආසන්නයේ නැංගුරම් ලා තිබෙනවා.

Share