දිට්වා සුළි කුණාටුවෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කල ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි මූල්‍ය ආධාරය සම්බන්ධයෙන් සලකා බැලීමට මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද රැස්වීමට නියමිතයි
එහිදී මෙම කඩිනම් මූල්‍ය පහසුකමසම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පසුගිය මාසයේ දී රටට දැඩි ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ පුළුල් විනාශයෙන් පසු ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර අරමුදලෙන් කඩිනම් මූල්‍ය පහසුකම් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළා.
ඒ පවතින අභියෝගවලට මුහුණදීම සඳහායි.
ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි මූල්‍ය ආධාර ඉල්ලීම අද සමාලෝචනය කිරීමට නියමිතයි
එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිත බව සඳහන්. IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ ප්‍රකාශ කර ඇත්තේ මෙම මස මුලදී, ශ්‍රී ලංකා බලධාරීන් ශ්‍රී ලංකාවේ IMF කෝටාවෙන් 26%කට පමණ සමාන ආධාර විධිමත් ලෙස ඉල්ලා ඇති අතර එම ඉල්ලීම විධායක මණ්ඩල අනුමැතියට යටත් වන බවයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ මෙරට ජනතාවට සිය අනුකම්පාව පළ කළ අතර ශ්‍රී ලංකාවේ ආනාගතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙරට බලධාරින් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවයි පසුගිය දා නිකුත් කරන ලද නිවේදනයක දැක්වුණේ
එමෙන්ම ස්වාභාවික ව්‍යසනයෙන් ඇති වූ ආර්ථික හා සමාජීය බලපෑමට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව හදිසි පියවර ගන්නා බැවින්, යථා තත්ත්වයට පත්වීම, නැවත ගොඩනැගීම සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය දැක්වීමටට්ග් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවී සිටින බවත් එම අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ සඳහන් කර සිටියා.
ඒ අනුව සුළි කුණාටු ආශ්රිත කම්පනයෙන් පැන නගින ක්ෂණික ගෙවුම් ශේෂ අවශ්‍යතා සපුරාලීම සඳහා RFI ණයක් හෙවත් ක්ෂණික මූල්‍යකරණ ණයක් සඳහා ඉක්මන් ප්‍රවේශයක් ලබා දෙනු ඇති
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය අවසන් කර ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා රැස්වීමට නියමිතව තිබුණ ද, මෙම කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන් එය කල්දමනු ලැබුවා.
කෙසේ වෙතත් අද රැස්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එම සමාලෝචනය සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.





