ICC t20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ සංචාරයේ දෙවැනි දිනය අදයි

ICC t20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ සංචාරයේ දෙවැනි දිනය අදයි. අද පස්වරු 1ට ගුවන් හමුදා පැරෂුට් භටයින් ලෝක කුසලානය රැගෙන කොළඹ ආර් ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගොඩ බැසීමට නියමිතයි. 2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ලෝක කුසලානය රැගත් රථ පෙළපාළිය අද පෙරවරුවේ ආරම්භ වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසළින්.

ලෝක කුසලාන තරගාවලියක් මෙරට පැවැත්වීමට පෙර ඒ සඳහා උද්‍යෝගය සහ ප්‍රේක්ෂක අවධානය ඉහළ නැංවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. 2012 වසරේ පවත් වන ලද පන්දුවාර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දැවැන්තම තරගාවලිය වන්නේ මෙවර තරගාවලියයි. රිය පෙරහැරින් ගෙනා ලෝක කුසලානය රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාර ගත්තා. පස්වරු 1ට ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායමක් කුසලානය රැගෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ගොඩබැසීමට නියමිතයි.

පස්වරු 1 වන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමි⁣ණෙන ඔබට t20 ලෝක කුසලානය සමග පැරෂුට් භටයින් ක්‍රීඩාංගණයට ගොඩබසින මෙම සුවිශේෂි අවස්ථාව සජීවීව නරඹන්නට අවස්ථාව හිමිවනවා.තරගය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ප්‍රේක්ශකයින්ට කුසලානය සමඟ ඡායාරූප ලබා ගැනීමටද මෙහිදී අවස්ථාවක් හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පැවසුවා. අපි ආරාධනා කරනවා පස්වරු 1 වන විටි ඔබත් එන්න කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට. කොළඹට අමතරව, ICC T20 ලෝක කුසලානය, මහනුවර, මාතලේ, දඹුල්ල, අනුරාධපුරය, වවුනියාව කිලිනොච්චිය සහ යාපනය ඇතුළු ප්‍රධාන නගර වෙත ද ඉදිරි දිනවල රැගෙන ඒමට නියමිතයි.

එම ප්‍රදේශවල වෙසෙන ක්‍රීඩා ලෝලීන්ටද ලෝක කුසලානය සමඟ සමරු ඡායාරූප ලබා ගැනීමට සහ එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. රට පුරා ලෝක කුසලානය රැගෙන යන සංචාරයේ සියලු තොරතුරු ටීවී සුප්‍රීම් ඔස්සේ ගෙන ඒමට අපි සූදානම්. මෙවර t20 ලෝක කුසලානයේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ද ටීවී සුප්‍රීම් වෙතයි. t20 ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි මස 07 වැනිදා ආරම්භ වනවා.

Share