ICC t20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගය පැවැත්වෙන්නේ අපරාජිත දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ සටන්කාමී නවසීලන්ත කණ්ඩායම අතරයි.
තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.
අයිසීසී T20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය දෙපිලටම වැදගත් වන්නේ නවසීලන්තය හෝ දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලානය ජය ගෙන නොමැති බැවිනුයි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වූ තරග 7 ම ජයගෙන එකම අපරාජිත කණ්ඩායම ලෙස තරගාවලියේ රැඳී සිටිනවා.
සුපිරි 8 දෙනාගේ වටයේ අවසන් තරගයේ දී විවේක ගැන්වූ වේග පන්දු යවන මාර්කෝ ජැන්සන් සහ කාගිසෝ රබාඩා මෙන්ම ප්‍රබල දඟ පන්දු යවන කේෂව් මහාරාජ් අද නැවතත් කණ්ඩායමට එක්වීමට නියමිතයි.
කෙසේවෙතත් මිචෙල් සැන්ට්නර්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායම සැමවිටම මෙවැනි තීරණාත්මක තරගවලදී පෙරළිකාර ජයග්‍රහණ ලබාගැනීමට සමත් වූ කණ්ඩායමක්.
ලෝක කුසලාන තරග ඉතිහාසය දෙස බැලීමේදී දකුණු අප්‍රිකාව නවසීලන්තයට එරෙහිව 5-0 ක වාර්තාවක් පවත්වාගෙන ගියත්, අද තරගය නවසීලන්තයට එම වාර්තාව අලුත් කිරීමට ලැබෙන කදිම අවස්ථාවක්.
මෙතෙක් T20 ලෝක කුසලානයක් දිනා නොමැති මෙම කණ්ඩායම් දෙකෙන් අහමදාබාද්හි පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ කවුද යන්න අද තීරණය වනු ඇති.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට මෙම තීරණාත්මක සටන ආරම්භ වීමට නියමිතයි.





