ICC t20ලෝක කුසලානය හෙට සිට ශ්‍රී ලංකාවේ දී ප්‍රදර්ශනය කිරීමට කිරීමට නියමිතයි.

ICC t20ලෝක කුසලානය හෙට සිට ශ්‍රී ලංකාවේ දී ප්‍රදර්ශනය කිරීමට කිරීමට නියමිතයි.
රට පුරා ලෝක කුසලානය රැගෙන යන සංචාරයේ සියලු තොරතුරු ටීවී සුප්‍රීම් ඔස්සේ ගෙන ඒමට අපි සූදානම්.
මෙවර t20 ලෝක කුසලානයේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ද ටීවී සුප්‍රීම් වෙතයි.

ICC T20 ලෝක කුසලානයේ ලෝක සංචාරය පසුගියදා ආරම්භ වුණේ ආදම්ගේ පාලම මතින්.
ලොව වටා සංචාරයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා අදියර හෙට ආරම්භ වනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල වශයෙන් සංචාරය දියත් කිරීමට නියමිතයි.
T20 ලෝක කුසලානය දිවයින පුරා ප්‍රධාන ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කරනු ලබනවා.
හෙට කොළඹ සිට ගාල්ල දක්වා කුසලානය රැගෙන යනු ඇති.
ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු එක්දින තරගය අතරතුර ගුවන් හමුදා පැරෂුට් භටයින් විසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට කුසාලනය රැගෙන ඒමට නියමිත අතර එහි ප්‍රදර්ශනයට තැබෙනවා.
එම තරගය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ප්‍රේක්ශකයින්ට කුසලානය සමඟ ඡායාරූප ලබා ගැනීමටද අවස්ථාවක් හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
කොළඹට අමතරව, ICC T20 ලෝක කුසලානය, කුසලාන සංචාරයේ කොටසක් ලෙස මහනුවර, දඹුල්ල සහ යාපනය ඇතුළු ප්‍රධාන නගර වෙත ගමන් කිරීමටද නියමිතයි.
t20 ලෝක කුසලාන තරගාවලිය ලබන පෙබරවාරි මස 07 වනදා සිට මාර්තු මස 08 වැනිදා දක්වා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන්.

Share