ඇමරිකානු ඩොලර් බිලියන 600 ක AI යටිතල පහසුකම් පිරිවැය පියවා ගැනීම සඳහා මෙටා සිය ශ්‍රම බලකායෙන් සියයට 20 ක් අඩු කිරීමට සැලසුම් කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.
ඒ අනුව ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් තීරනය කර ඇත්තේ “කාර්යක්ෂමතාවයේ වසර” අනුගමනය කරමින්, කාර්ය මණ්ඩල සංඛ්‍යාව අඩු කිරීම සඳහා AI සහාය සහිත වැඩ ප්‍රවාහයන් භාවිතා කිරීමටයි.
සාම්ප්‍රදායික කාර්ය මණ්ඩල බඳවා ගැනීමට වඩා ස්වයංක්‍රීයකරණයට සමාගම් ප්‍රමුඛත්වය දෙන බැවින් මෙම පියවර පුළුල් තාක්ෂණික කර්මාන්ත ප්‍රවණතා සමඟ සමපාත වන බව ඔහුගේ මතය බවයි පවසෙන්නේ.





