ඉන්දියාවේ සංචාරයක නිරත විදේශ ඇමති විජිත සහ එස් ජයිශංකර් අතර හමුවක්

කලාපීය සංවර්ධනයන් පිළිබඳ අදහස් හුවමාරු කරගනිමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා සමඟ උණුසුම් හා ඵලදායී හමුවක් පැවැත්වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

නවදිල්ලි යේ පැවැත්වෙන රයිසිනා සංවාදයට සමගාමීව දෙර⁣ටේ විදේශ අමාත්‍යවරු හමු වී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා X සටහනක් තබමින් පැවසුවේ, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමඟ “උණුසුම් සහ ඵලදායී” හමුවක් පැවැත්වූ බවයි.

ශ්‍රී ලංකා – ඉන්දියානු සහයෝගීතාවයේ ප්‍රගතිය එහිදී සමාලෝචනය කළ බවත්, කලාපීය සංවර්ධනයන් පිළිබඳ අදහස් හුවමාරු කරගත් බවත් එහි සඳහන් වුණා.

ශ්‍රී ලංකාව, ඉන්දියාවේ අඛණ්ඩ හවුල්කාරිත්වය සහ සබඳතාවද අගය කරන බවත් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ වඩා හොඳ සාකච්ඡාවක් පැවැත්වූ බව හමුව සම්බන්ධයෙන් X සටහනක් තබමින් එස් ජයිශංකර් මහතා පවසා තිබෙනවා.

මහා සාගර් දැක්ම සහ අසල්වැසිය පළමුව ප්‍රතිපත්ති දෙරටේ ප්‍රයත්නයන්ට මග පෙන්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ X සටහනේ සඳහන්.

මේ අතර බටහිර ආසියාවේ ඇති ව තිබෙන ගැටුම්කාරී වාතාවරණය හමුවේ මෙරට ආර්ථිකයේ ස්ථායිතාව පවත්වාගැනීම සඳහා ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහය ලබාගන්නා බව ජනාධිපතිවරයා පසුගියදා සඳහන් කළා.

Share