68 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල මෙවරත් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි දී

68 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල මෙවරත් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.
ගායන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ග්‍රැමී සම්මාන උළෙල අතරතුර කාණ්ඩ 95ක් යටතේ සම්මාන පිරිනැමුණු අතර, එහිදී වැඩි ගෞරව දිනාගත්තේ වසරේ හොඳම ගීතය ඇතුළු සම්මාන පහක් දිනාගත් කෙන්ඩ්‍රික් ලෙමාර්ය.
හොඳම ගීත ඇල්බමයට හිමි සම්මානය බෑඩ් බනී දිනාගනිද්දී, වසරේ හොඳම ගීතයට හිමි සම්මානය බිලී අයිලිෂ්ගේ වයිල්ඩ්ෆ්ලවර් ගීතයට හිමිවුණා.
බිලී අයිලිෂ් සම්මානය පිළිගනිමින් වත්මන් අමෙරිකානු පරිපාලනය විවේචනය කළා.

“බලෙන් අල්ලාගත් රටක ජීවත්වන කවුරුත් නීතිවිරෝධී අය නෙමෙයි. අපි දිගටම සටන් කරන්න ඕන, කතාකරන්න ඕන. අපේ හඬට වටිනාකමක් තියෙනවා…”
මේ අතර ඩීමන් හන්ටර්ස් ගායක කණ්ඩායම ග්‍රැමී සම්මානයක් දිනාගත් පළමු දකුණු කොරියානු ගායක කණ්ඩායම බවට පත්වුණා.

මේ අතර ලොව වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ අධ්‍යාත්මික නායකයෙක් ලෙස සැලකෙන දලයි ලාමා, වයස අවුරුදු 90 දී ඔහුගේ පළමු ග්‍රැමී සම්මානය දිනා ගනිමින්, ඔහුගේ සම්මාන ජීවිතයට අනපේක්ෂිත නව ගෞරවයක් එක් කර ගත්තා
නොබෙල් සාම ත්‍යාගලාභියා හොඳම ශ්‍රව්‍ය පොත, ආඛ්‍යානය සහ කතන්දර පටිගත කිරීම යන කාණ්ඩය යටතේ සම්මානයට පාත්‍ර වූ අතර, එය ඔහුට පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස නොව, බෙදාගත් මානව යුතුකමේ පිළිබිඹුවක් ලෙස හිමිවුණා.
මෙම සම්මානය පිරිනමන ලද්දේ භාවනා නම් හින්දුස්ථානි සම්භාව්‍ය සම්ප්‍රදායන් මත පදනම් වූ නව්‍ය සංගීත වයනය සමඟ දලයි ලාමාගේ මෘදු හඬ ගෙතූ භාවනා පටිගත කිරීමක් වෙනුවෙන්.
රූෆස් වේන්රයිට් උත්සවය අතරතුර දලයි ලාමා වෙනුවෙන් ග්‍රැමී සම්මානය පිළිගත්තා.

Share