අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් අසභ්‍යත්වය ප්‍රවර්ධනය කර නිදහස් අධ්‍යාපනය විනාශ කිරිමේ උත්සහයක් වර්තමානයේ රට තුළ නිර්මාණ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මේ අතර බෙදා හැරීම අත්හිටුවා ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂාවට අදාල ප්‍රශ්න ගත මොඩියුලයේ මුද්‍රණ වියඳම අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම අය කර ගත යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කරනවා.
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් හෙට දිනයේ සිට ආරම්භ වනවා.
මේ අතර නව වසරේ පාසල් වාරය හෙට ආරම්භ කෙරුණ ද ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසැල් සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභහානි සලකා බලමින් පාසැල් පැවැත්වීමේ වේලාව දිර්ඝ කිරීමේ තීරණය 2026 වර්ෂය තුළදී ක්‍රියාත්මක නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් මින් පෙර තීරණය කර තිබූ ආකාරයට, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 සහ 6 ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දුන්නා.
ඒ යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු විධිමත් ලෙස ආරම්භ වන්නේ ජනවාර 21 වැනිදායි.
පළමු ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනා ගැනීම හෙට සිට ආරම්භ වන අතර විධිමත් අධ්‍යාපන කටයුතු ජනවාරි 29 වැනිදා ආරම්භ වන බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.
මේ අතර 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂාවට අදාල ප්‍රශ්න ගත මොඩියුලයේ මුද්‍රණ වියඳම අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම අය කර ගත යුතු බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.
මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් අසභ්‍යත්වය ප්‍රවර්ධනය කර නිදහස් අධ්‍යාපනය විනාශ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂනායක වරයා මේ බව සදහන් කලේ ඊයේ දින කරම්පෑතර ශ්‍රී අභයරාජාරාම විහාරස්ථානයේ පැවැති උත්සවය හා එක්වෙමින්.





