ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අතර පැවති 35 වැනි අන්තර්ජාතික සමුද්‍රිය සීමා හමුව කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රිය සීමාවේදී, ඉන්දීය නාවික හමුදාවේ INS Sukanya නෞකාවේදී පසුගියදා සාර්ථකව පැවැත්වුණා.
දෙරටේ නාවික හමුදා සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අතර අන්තර් සහයෝගීතාවයෙන් සහ ඒකාබද්ධ ක්‍රියාවලියක් මඟින් ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග වෙත සාමූහිකව ප්‍රථිචාර දැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම, මෙම වාර්ෂික හමුවේදි සිදු කරනු ලබනවා.
මෙම රැස්වීමේදී දෙපාර්ශවය විසින් දෙරටේ සමුද්‍රීය සීමාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සහ මීට පෙර පැවති අන්තර්ජාතික සමුද්‍රීය සීමා හමුවීම තුලදී සාකච්ඡා කෙරුණු කරුණුවලට අදාල ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්තා.





