2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ආරක්ෂක හේතුන් මත ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ බංග්ලාදේශය සමග සති තුනක පමණ කාලයක් පැවති සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව අයිසීසී ය මෙම තීරණය ගත්තා.
ඒ අනුව C කාණ්ඩය සඳහා ඉතාලිය, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්ත සහ එංගලන්ත කණ්ඩායම ඇතුළත් වනු ඇති.
කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ මේ සම්බන්ධයෙන් අයිසීසී ආරවුල් විසඳීමේ කමිටුවට පැමිණිලි කරන බවයි.
බංග්ලාදේශය ඉන්දියාවේ සංචාරය නොකරන්නේ නම් ආදේශක කණ්ඩායමක් තරගාවලියට ඇතුළත් කිරීමේ යෝජනාව පසුගිය බදාදා රැස් වූ අයිසීසී විධායක මණ්ඩලය බහුතර ඡන්දයෙන් අනුමත කළා.





