2026 IPL වෙන්දේසිය දෙසැම්බර් 16

මේ අතර, 2026 IPL වෙන්දේසිය දෙසැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිතයි.
වෙන්දේසිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි නුවර පිහිටි එතිහාඩ් එරීනා හි දීයි.
ඉන්දීය වේලාවෙන් පස්වරු 2:30ට වෙන්දේසි කටයුතු ආරම්භ වීමට නියමිතයි.
මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු ඉදිරිපත් කර තිබෙනවා.
ඔවුන් අතරින් මෙවර වෙන්දේසියේ ඉහළම ලංසු මුදල වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ ලන්සූ කාණ්ඩයට වනිඳු හසරංග, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ ඇතුළත් වී තිබෙනවා.
මේ හැරුණු විට චරිත් අසලංක, කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වියස්කාන්ත් විජයකාන්ත්, බිනුර ප්‍රනාන්දු සහ තවත් එක් ක්‍රීඩකයෙකුද ලැයිස්තුවේ සිටිනවා.

Share