2026 ශ්‍රී ලංකා පැඩෙල් ලීග තරගාවලිය ජූනි 19 දා සිට

Eventistry Sports ආයතනය විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා පැඩෙල් ලීග් තරගාවලිය ලබන ජුනි මස 19 වැනිදා සිට පුරා දින 3ක් කොළඹ පැඩෙල් හවුස් හීදී පැවැත්වීමට නියමිත බව පසුගිය දා නිල වශයෙන් නිවේදනය කළා.
දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින්ද සහභාගී වන මෙම පැඩෙල් ලීග් තරගාවලිය සදහා මෙවර කණ්ඩායම් 8ක් එක් වනවා.
වර්තමානයේදී ලොව වේගයෙන්ම වර්ධනය වන ක්‍රීඩාවක් වටා ව්‍යුහගත ෆ්‍රැන්චයිස් පරිසර පද්ධතියක් ගොඩනැගීම සහ දේශීය පැඩෙල් ක්‍රීඩාව වෘත්තීයකරණය කිරීම මෙහි ප්‍රධානතම අරමුණයි.
තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අප්‍රේල් මස 24 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Share