2026 වසර සඳහා වන අය වැය, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජාතික ජනබලවේග රජය ඉදිරිපත් කරන දෙවැනි අයවැය මෙයයි.
ඒ අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක් වන අතර කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වන රුපියල් බිලියන 634ක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයටයි.
එමෙන්ම ජනාධිපති වැය ශීර්ෂය පසුගිය වසරට සාපේක්ෂව මෙවර තුන් ගුණයකින් පමණ ඉහල ගොස් තිබිම විශේෂත්වයක්.
2026 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් 26 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
ජාතික ජනබලවේග රජයේ දෙවැනි අය වැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම විස-ර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසර, රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක්.
එමෙන්ම 2026 වර්ෂය සඳහා ණය ලබා ගැනීම රුපියල් බිලියන 3800 නොඉක්මවිය යුතු බවද දැක්වෙනවා.
වසරේ පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 3029 ක් වන අතර මූලධන වියදම් රුපියල් බිලියන 1405ක් ලෙස දැක්වෙනවා.
එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යංශයට වන අතර එය රුපියල් බිලියන 635ක්.
2025 වසරේ එම අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර තිබූ මුදල රුපියල් බිලියන 661ක්.
2026 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 596ක් වෙන් කර ඇති අතර පසුගිය වසරේ ඒ වෙනුවෙන් වෙන් කර තිබු මුදල රුපියල් බිලියන 507ක්.
එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 555 ක් වෙන් කර තිබෙනවා.
2025 වසරේ එම අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කෙරුණු මුදල රුපියල් බිලියන 509ක්.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහා 2026 විසර්ජන පනත් කෙටුම්පතින් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 455ක්
2025 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 442 ක මුදලක් වෙන් කර තිබුණා.
එමෙන්ම රුපියල් බිලියන 446ක මුදලක් මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහා වෙන් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල් බිලියන 301 ක මුදලක් වෙන් කර ඇති අතර 2025 වසරේ එම අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 273 ක මුදලක් වෙන් කර තිබුණා.
කෘෂිකර්ම, පශු සම්පත් , වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල් බිලියන221ක මුදලක් වෙන් කර තිබුණා.
2025 වසරේ එම අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර තිබූ මුදල රුපියල් බිලියන 217ක්.
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහා මෙවර රුපියල් බිලියන 193ක් වෙන් කර ඇති අතර 2025 වසරේ ඒ වෙනුවෙන් වෙන් කර තිබූ මුදල රුපියල් බිලියන 176ක්.
එමෙන්ම් නාගරික සංවර්ධන නිවාස සහ ඉදිරිකිරීම් අමාත්‍යාංශය සඳහා මෙවර රුපියල් බිලියන 104 ක මුදලක් වෙන් කර තිබෙනවා.
රුපියල් බිලියන 105 ක මුදලක් 2025 වර්ෂය සඳහා එම අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර තිබුණා.
මේ අතර 2026 විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනපති වැය ශීර්ෂය රුපියල් බිලියන 11.37 ක්.
2025 වසරේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ පළමු විසර්ජන පනත් කෙටුම්පත තුළ 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කොට තිබුණා.
කෙසේ වෙතත් 2025 විසර්ජන පනත් කෙටුම්පතට සාපේක්ෂව ආසන්න වශයෙන් තුන්ගුණයකින් පමණ මෙවර 2026 වසරේ විසර්ජන පනත් කෙටුම්පතේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහළ ගොස් තිබෙනවා.
2026 අගමැති වැය ශීර්ෂය රුපියල් බිලියන 0.975ක්. 2025 වසර සඳහා එය දැක්වුණේ රුපියල් බිලියන 1.17ක් ලෙසින්. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව අගමැති වැය ශීර්ෂය අඩුවී තිබෙනවා.
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අදාළ විවාදය දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
අය වැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 08 වැනිදා සිට 14 දක්වා පුරා දින හයක් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 14 වැනි දින පස්වරු 6.00ට පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
අය වැය තෙවැනි වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 දක්වා දින 17ක් පැවැත්වෙන අතර ඡන්ද විමසීම දෙසැම්බර් 05 වන දින සවස 6.00ට පැවැත්විමටයි තීරණය කර ඇත්තේ
මේ හේතුවෙන් හෙට දිනයේදී පාර්ලිමේන්තු පරිශ්‍රය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් හා රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.
මේ අතර හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත 2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කරනු ලැබුවා.
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවැනි අයවැය හඳුන්වනු ලබන්නේ සංවර්ධන අයවැය ලෙසයි.
ජනාධිපතිවරයාගේ අයවැය කතාව හෙට පස්වරු 1.30 සිට සජීවීව ටීවී සුප්‍රීම් නාලිකාවෙන් සහ අපගේ සමාජ ජාල වේදිකා ඔස්සේ නැරඹීමට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා.





