2026 වසර සදහා වූ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද රැස්වෙයි

2026 වසර සදහා වූ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද රැස්වුණේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා ඊට අදාළ යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් වූ යෝජනා සම්මතය අද පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් විපක්ෂයේ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ,පාර්ලිමේන්තුව තුළ විපක්ෂය නියෝජනය කරන පක්ෂ 12 ක් සිටින නිසා,අදාළ කාරක සභාව පත්කිරීමේදී සාමාජිකයින් සිව් දෙනෙකුට පමණක් අවස්ථාව ලබාදී තිබීම ප්‍රමාණවත් නොවන බවයි.

මේ අතර හදිසි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන විවාදය ද අද පැවැත්වීමට නියමිතයි.

Share