නීතිය සහ නීතියේ අධිපත්‍ය පිළිබඳ මෙරට ජනතාව අතර සැකයක් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහනට එක් වෙමින්.
එහි දී ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ 2026 වසර නීතියේ අධිපත්‍ය තහවුරු කරන වසර බවට පත් කරන බවයි.
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද නුවරඑළියේදී පැවැත් වුණා.
මලෛගම් ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන සමාජ ගැටලුවක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිම සදහා සියලු පාර්ශව ඒකාබද්ධ කරගත් පුළුල් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරිම මෙහි අරමුණයි.
“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වලදී සක්‍රීය දායකත්වයක් ලබා දුන් පොලිස් නිලධාරින් 62 දෙනෙකු ද මෙහිදී ඇගයිමට ලක් කෙරුණා.
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිමේ ප්‍රතිඥාව ලබාදුන්නේ ඉන් අනතුරුවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උත්සවයේ දී මෙලෙස අදහස් පළ කළා.





