2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 600,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව ජනවාරි මස පළමු වැනිදා සිට මාර්තු මස 11 වැනි දා දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 623,651 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉන් වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.




