‘U.S. News & World Report’ සඟරාව මගින් 2026 වසර සඳහා “ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
කලාපයේ අනෙකුත් ප්රමුඛ සංචාරක ගමනාන්ත අභිබවමින් ශ්‍රී ලංකාව මෙම ස්ථානය දිනාගෙන ඇති අතර, දකුණු ආසියානු කලාපයේ ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලද රට ශ්‍රී ලංකාවයි.
ශ්‍රී ලංකාව සතු “විවිධාංගීකරණය වූ සංචාරක අත්දැකීම්” මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා.
U.S. News & World Report මගින් 2026 වසරේදී “ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන” නම් කිරීමේදී ප්‍රවේශ වීමේ පහසුව සහ දැරිය හැකි පිරිවැය, සංස්කෘතික සහ ආහාරපානවල ඇති පොහොසත් බව, සංචාරක ආකර්ෂණ ස්ථාන සහ සංචාරකයින්ගේ ප්‍රසාදය යන කරුණු සලකා බලා තිබෙනවා.
ලෝක මට්ටමේ වෙරළ තීරයන්, පුරාණ යුනෙස්කෝ උරුම ස්ථාන සහ ප්රමුඛ වනජීවී සෆාරි අත්දැකීම් ලබා ගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට ශ්‍රේණිගත කරමින් මෙම වාර්තාව මගින් විශේෂයෙන් අගය කර තිබෙනවා
ශ්‍රී ලංකාව තවදුරටත් කලාපීය සංචාරකයින් සඳහා ද්විතියික නැවතුමක් නොව “තනි ගමනාන්තයක්” බවට පරිවර්තනය වී ඇති බව විශේෂඥයින්ගේ මතයයි.
රටවල් 40 ක් සඳහා නව වීසා රහිත ප්‍රවේශ ප්‍රතිපත්තියක් සහ සුඛෝපභෝගී පරිසර සංචාරක ව්‍යාපාරය සහ දර්ශනීය දුම්රිය අත්දැකීම් පුළුල් කිරීම මගින් ශක්තිමත් කරන ලද, 2026 සඳහා ශ්‍රී ලංකාව වාර්තාගත පැමිණීම් සංඛ්‍යාවක් ඉලක්ක කරන පසුබිමක මෙම පිළිගැනීම ලැබී තිබීමත් විශේෂත්වයක්.
මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වඇත්තේ ජපානයේ ෆුජි කන්ද වන අතර, දෙවන ස්ථානය ටෝකියෝ , තෙවන ස්ථානය පිලිපීනයේ පලවාන්,සහ සිව්වන ස්ථානය දකුණු කොරියාවේ සෝල් යන නගරයි.
වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් මිලියන 2.3ක් මෙරටට පැමිණ ඇති අතර එය 2018 වසරෙන් පසු ඉහළම සංචාරක පැමිණිම් වාර්තා වූ වසර වනවා.
කෙසේ නමුත් ශ්‍රී ලංකා සංචාරක බලධාරින් අපේක්ෂා කළ මිලියන තුනක ඉලක්කයට ළඟා වීමට මේ වසරේ දී හැකි වී නැහැ.
ඒ අනුව ලබන වසරේ දී මෙරට සංචාරක කර්මාන්තය සඳහා වඩාත් තිරසර මූලෝපායන් සමග නව වැඩපිළිවෙළක් දියත් කළ යුතු වනවා.





