2026 යල කන්නය සඳහා යූරියා පොහොර මිටියක් රුපියල් 10000කට අඩු මිලකට ලබා දීමට පොහොර සමාගම් සිය එකගතාවය පළ කර තිබෙනවා .
ඒ ගොවි සංවිධාන නියෝජිතයින් පොහොර සමාගම් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා අතර පැවති සාකච්චාවක දී ඇති කර ගත් එකඟතාවකට අනුවයි.
මෙම සාකච්චාවෙන් අනතුරුව ගොවි සංවිධාන නියෝජිතයින් ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ පොහොර මිළදී ගැනීම සඳහා කළුකඩ කාරයින්ට හසු නොවන ලෙසයි.
2026 යල කන්නය සඳහා පොහොර ඇතුළු කෘෂි රසායන බෙදා හැරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ගොවිජන මන්දිරයේදී පැවැත්වුණා.
එම අවස්ථාවට අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා, ගොවි සංවිධාන නියෝජිතයින් සහ පොහොර සමාගම්වල නිලධාරීන් එක් ව සිටියා.




