2026 නව වසරේ වසරේ ප්‍රථම උල්කාපාත වර්ෂාව අද සහ හෙට රාත්‍රී කාලයේදී දර්ශනය වීමට නියමිත බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
මෙම උල්කාපාත වර්ෂාව අලුයම 4.00 – 5.00 අතර කාලය තුළ ඊසාන දිග අහසේ වඩාත් පැහැදිලිව දැකගත හැකි වනු ඇති බවයි මහාවාර්ය වන්දන ජයරත්න මහතා සඳහන් කළේ
මීට අමතරව, අද දුරුතු පුර පසළොස්වක පොහොය දින දිස්වන චන්ද්‍රයා වෙනදාට වඩා විශාලව සහ දීප්තිමත්ව දර්ශනය වීම සිදුවන අතර, මෙය Supermoon ලෙස හැඳින්වෙන බවද මහාවාර්ය වන්දන ජයරත්න මහතා සඳහන් කරනවා





