2026 වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය ශ්රී ලංකාවට හිමි ව තිබෙනවා.
එක් කණ්ඩායමකට ක්රීඩකයින් 15 දෙනෙකු සහභාගී වන මෙම තරගාවලියේ ජයග්රාහකයින් අවුරුදු 20න් පහළ රග්බි ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබනවා.
මීට පෙර 2000 වසරේ දී ශ්රී ලංකාව මෙම තරගාවලියට සත්කාරකත්වය ලබා දුන් අතර, එහි දී ජීවන් ගුණතිලකගේ නායකත්වය සමඟ තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා යෞවනයන් චිලී හි පැවැත්වුණු අවුරුදු 20න් පහළ රග්බි ලෝක ශූරතා තරගාවලියට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
එය ශ්රී ලංකා රග්බි ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සටහන් වී තිබෙනවා.





