2015 පෙළ පොත්වලත් ලිංගික සබැඳි

2015 වසරේදී 11 ශ්‍රේණියේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය පෙළ පොතේ ලිංගිකත්වය ප්‍රවර්ධනය වන සබැඳි ඇතුළත්ව තිබී ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
වර්තමානයේ හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ඇති විවේචනයන්ට ප්‍රතිචාර වශයෙන් ඔහු මේ අදහස් පල කළේ ඊයේ ගම්පහ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා වූ ජනතා ව්‍යාපාරය මෙම සම්මන්ත්‍රණය සංවිධාන කළා.

Share