20-20 නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසනවා.
වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් පසු අද ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගිවන කණ්ඩායම් සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල 50% කින් වැඩි කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ලෝක කුසලානයේදී කණ්ඩායම් සඳහා වාර්තාගත අමෙරිකානු ඩොලර් මිලියන 727ක මුදලක් මෙවර ප්‍රදානය කිරීමට නියමිතයි.
ඉන් මෙවර ශූරයින්ට පිරිනැමෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 50ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1500කට අධික බවයි වාර්තා වන්නේ.
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන වසරේ ජුනි 11වනදා ආරම්භ වන අතර, එය ජූලි 19වනදා දක්වා පැවැත්වෙනවා.

Share