19න් පහළ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් ක්‍රිකට් තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව අද පැවැත්වෙනවා.

නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇති ටීවී සුප්‍රීම් ඔස්සේ ක්‍රීඩා ⁣ලෝලී ඔබටත් යොවුන් ලෝක කුසලානයේ තතු සජීවීව නැරඹිය හැකියි.

අයිසීසී අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත්වෙන්නේ නැමීබියාවේ වින්ඩ්හුක් හිදී.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1ට ආරම්භ වනවා.

තරගාවලියේ නිල විකාශන අයිතිය හිමි ටීවී සුප්‍රීම් ඔස්සේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ ක්‍රීඩාලෝලී ඔබට මෙම තරගය නැරඹිය හැකියි.

මූලික වටයේ මෙතෙක් පැවති තරග දෙකම ජයගැනීමට කණ්ඩායම් දෙකම සමත් වුණා.

ශ්‍රී ලංකාව තරගාවලියේ පළමු තරගයේදී ජපානයට එරෙහිව ලකුණු 203ක දැවැන්ත ජයක් ලැබුවා.

දෙවැනි තරගයේ දී අයර්ලන්තය පරාජය කළේ ලකුණු 106කින්

ඊයේ පැවති තරගයේදී ජපානය පරාජය කර කඩුලු 4ක ජයක් ලැබිමට අයර්ලන්තය සමත් වුණා.

ඒ අනුව A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය දැනටමත් සුපර් සික්ස් වටය සඳහා සුදුසුකම් ලබා අවසන්.

C කාණ්ඩයේ එංගලන්තය තරග තුනම ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

පාකිස්තානය තරග දෙකක් ජය ගත්තා.

තරග දෙක බැගින් පරාජය වූ සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය අතුරින් දළ ලකුණු වේගය අනුව සිම්බාබ්වේ කණ්ඩායම සුපර් සික්ස් වටයට සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

ඇෆ්ගනිස්තානය D කාණ්ඩයේ පෙරමුණේ පසුවන්නේ අපරාජිතවයි.
තරග දෙකක් ජයගත් බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ස්ථානයේ සහ එක් තරගයක් ජයගත් දකුණු අප්‍රිකාව තෙවැනි ස්ථානයේ පසුවනවා.

සිය මංගල ලෝක කුසලානය ක්‍රීඩාකළ ටැන්සානියාව මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වුණා

Share