අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා.
සිම්බාබ්වේ සහ නැමීබියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ දේශීය නිදහස් සංඛාත ඔස්සේ විකාශන අයිතිය හිමිව තිබෙන්නේ ටීවී සුප්‍රීම් වෙතයි.
මේ අතර ඊයේ පැවති තරගවලදී එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය ජයග්‍රහණ වාර්තා කළා.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග පැවති තරගය ලකුණු
37කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.
එංගලන්තය ලබා ගත් ලකුණු 210ට පිළිතුරු ලෙස පාකිස්තානයට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 173ක් පමණයි.
අයර්ලන්තයෙන් ලැබුණු ලකුණු 236ක ඉලක්කය 40 වැනි පන්දුවාරයේදී සපුරා ගත් ඔස්ට්‍රේලියාව කඩුලු අටකින් තරගය ජය ගත්තා.
තරගාවලියේ පළමූ ශතකය සම්පූර්ණ කළ ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් හෝගන් ලකුණු 115ක් රැස් කළා
ලකුණු 267ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 238කට සීමා කළ ඇෆ්ගනිස්තානය ලකණු 28ක ජයක් ලැබුවා.
19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ජපානයට එරෙහිව අද පැවැත්වෙන්නේ නැමීබියාවේ වින්ඩ්හුක් හිදී.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1ට ආරම්භ වනවා.
19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දේශිය සංඛ්‍යාත ඔස්සේ නිල විකාශන අයිතිය හිමි ටීවී සුප්‍රීම් ඔස්සේ මෙම තරගයට ඔබටත් නැරඹිය හැකියි.
මීට අමතරව බංග්ලාදේශය හා ඉන්දියාව අතර තරගය බුලවායෝ හිදී පැවැත්වෙනවා.





