එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් පිරිසක් විසින් හෙළ සංස්කෘතිය නිරූපණය කරමින් සංවිධානය කළ නර්තන ප්‍රසංගයක් පසුගියදා එංලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වුණා.
‘ධාරංගනා’ නමින් පැවැත්වූ මෙම නර්තන ප්‍රසංගය සඳහා එංගලන්තයේ අධ්‍යාපනය හදාරණ ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු පමණ එක්ව සිටියා.
අපූරු නර්තන අංග වලින් ප්‍රසංගය වර්ණවත් වු අතර මෙම අවස්ථාව නැරඹීම සඳහා ද විශාල පිරිසක් එක්ව සිටියා.





