සිංගප්පූරුවේ රෝහලක හෘද සැත්කමකට භාජනය වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවට ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඊයේ හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ මවුන්ට් රෝයල් රෝහලේදී පැය නවයක සැත්කමකට භාජනය කෙරුණා.
ටීවී සුප්‍රීම් නිව්ස් සමග අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශකයා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා තව සති කීපයක් සිංගප්පූරුවේ නැවතී ප්‍රථිකාර ලබා ගනු ඇති බවයි.




