හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සදහා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා.
කොළඹ මහල් නිවාස කිහිපයක් පුද්ගලයින් කිහිප දෙනෙකුට ලබාදීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව පැය දෙකකට ආසන්න කාලයක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු ජනපතිවරයා අල්ලස් කොමිසමෙන් පිටව යයි.




