ඉන්දියාවට වාර්තාගත තරගාවලි ජයක්

ඉන්දීය කාන්තා කණ්ඩායමක් ඉන්දියාව තුළදී ලබාගත් පළමු තරග 5-0ක තරගාවලි ජයග්‍රහණය වාර්තා කරන්නට ඊයේ සමත් වුණා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති පන්දු වාර 20 තරගාවලියේ තරග සියල්ලම ජය ගනිමින්,
ශ්‍රී ලංකා කණ්ඩායමක් තරග පහකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියක් සහමුලින් පරාජය වූ පළමු අවස්ථාව ද මෙය වනවා.

තරඟයේදී ඉන්දීය කණ්ඩායමක් පන්දු යවන්නන් හය දෙනකු භාවිත කලා අතර ඔවුන් සහ හැම දෙනාම එක් කඩුල්ල බැගින් බෙදා ගත්තා
ඉන්දියාවේ තිරුවානන්තපුරම් හි පැවති මේ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින් තීරණාත්මක වුණා.
ඒ මෙම තරගාවලිය සහමුලින් පරාජය වීමේ අවමානයෙන් ගැලවීම සඳහායි.
කාසිය වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස් කළා.
එහිදී නායිකා හර්මන්ප්‍රීත් කවුර් පන්දු 43කදී ලකුණු 68ක් රැස් කරමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව තරගයක් දිය හැකි මට්ටමට ඉහළට ඔසවා තැබුවා.
ඉන්දීය කණ්ඩායමේ ඉදිරිපෙළ කඩුලු එකින් එක බිඳ වැටුණ ද හර්මන් ප්‍රීත් ගේ නායකත්වයේ ඉනිම හේතුවෙන් කණ්ඩායමට දැඩි බලපෑමක් සිදුවූයේ නැහැ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවිෂා දිල්හාරී, රශ්මිකා සෙව්වන්දි සහ චමරි අතපත්තු කඩුලු දෙක බැගින් ලබා ගත්තා.
ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල බිඳ වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව හතක්ව තිබියදී.
මෙම තරගාවලියේදී එකම අර්ධ ශතකයක් පමණක් වාර්තා කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකාරිණිය වූ චමරී අතපත්තු මෙම තීරණාත්මක තරඟයේදීත් රැස්කර ගත්තේ ලකුණු දෙකක් පමණයි.
චමරි දැවි යාමත් සමඟ පිටියේ එක් වූ හසිනි පෙරේරා සහ ඉමේෂා දුලානී දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 79ක අගනා සම්බන්ධතාවයක් ගොඩනැගුවේ ඉන්දීය ක්‍රිඩිකාවන්ගේ නළල රැලි ගන්වමින්.
කෙසේ වෙතත් ඉමේෂා දුලානි ලකුණු පනහක් ලබා සිටියදී දවා ගන්නට අමන්ජෝත් කවුර් සමත් වුනා.
ඇය මෙම ලකුණු පනහ ලබා ගැනීමට පන්දු 39යක් වැය කළ අතර එයට හතරේ පහර අටක් අන්තර්ගත කලා.
ආරම්භක පිතිකාරිනිය වූ හසිනි පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 65ක් ලබා ගත්තේ පන්දු 42කට පමණක් මුහුණ දෙමින්.
ඇයගේ ඉනිමට හතරේ පහර අටක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වී තිබුණා.
මේ දෙදෙනා හැරෙන්නට අනෙත් කිසිදු ශ්‍රී ලාංකික පිතිකාරිණියකට ස්ථාවර වීමට ඉන්දීය කණ්ඩායමේ පන්දු යවන්නන් 6 දෙනා ඉඩ ලබා දුන්නේ නැහැ.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 160ක් පමණයි.
මෙම තරගයේ දී නිලක්ෂිකා සිල්වාගේ කඩුල්ල දවා ගත් දීප්ති ෂර්මා කාන්තා විස්සයි-විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභිනිය බවට පත් වුණා.
ඒ මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියමින් සිටි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා මේගන් ෂට්ගේ කඩුළු 151කේ වාර්තාව අභිබවා යමින්.
මේ තරගයේ වීරයා ලෙස ඉන්දීය නායිකා හර්මන් ප්‍රීත් කෞර් තෝරා ගත් අතර තරගාවලියේ වීරයා ලෙස තෝරා ගැණුනේ ශිෆාලී වර්මායි

Share