සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්රියා පටෙල් මහත්මිය අතර හමුවක් ඊයේ පෙරවරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත් වුණා
එහිදී අනුප්රියා පටෙල් මහත්මිය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පවසා ඇත්තේ දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ආපදා කටයුතු ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන ලද සහාය අඛණ්ඩව ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන බවයි
මෙම හමුව සිදු වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුවට සමගාමීව යි.





